තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරනතුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව සඳහන් කළේය. වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක්Continue Reading

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා සෙබළුන් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී වැඩවර්ජනයක් ආරම්භ කළේය. එය දෙවැනි දිනටත් අද දිනයේ ද සිදුකිරීම හේතුවෙන් මහජනතාව දැඩිContinue Reading

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම  බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට මයික්‍රොසොෆ්ට්  ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මූලික මානව සම්පත් පවතින පාසල් වල අටවන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, මයික්‍රොසොෆ්ට්Continue Reading

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.Continue Reading

මෝදර මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය. තුවාල ලද එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.කළමනාකරු අවන්හලේ ගේට්ටු ආසනයේ රැඳී සිටියදී පිස්තෝල වර්ගයෙන් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතිContinue Reading

වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත. වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත්Continue Reading

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම්දෙයි.   සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වුණි. වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.Continue Reading

වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි. ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි. මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි. සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියවContinue Reading

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර  මුළුමනින්ම ගිනිගෙන  ඇති බව වාද්දුව පොලිසිය පවසයි. කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී. වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.Continue Reading