රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළේය. 2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත.  මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වෙන බවද එහි සඳහන් වෙයි.  නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව පැවසීය. පාර්ලිමේන්තුව ජූලිContinue Reading

ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) සවස එම සිසුවා වැවේ දිය නාමින් සිටින අතරතුර එම අනතුර සිදුවී තිබුණි. 15 හැවිරිදි එම සිසුවා රඹොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading

ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබේ. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225කContinue Reading

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යContinue Reading

කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු රද්දොළුව නිවාස සංකීර්ණයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතු ව තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26කට අසන්න ප්‍රමාණයක් සහ මත්පෙති 2250ක් සොයාගත් බව පොලිසිය වාර්තා කරයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇති අතර, සැකකරුට අයත් වෙළෙඳසලContinue Reading

ඊයේ සිදුවු අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පානදුර උතුර පොලිස් වසමේ ගාලු පාරේ, ගොරකාන ප්‍රදේශයේ දී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන්කළ පාපැදියක ගැටි අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පාපැදිකරු ජීවිතක්ෂයටContinue Reading

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවය. “2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අදContinue Reading

මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි. එහි කැඳවුම්කරු නවීන් තාරක මහතා සඳහන් කළේ, සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්ය හිඟයක් ද පවතින බවය. “සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්යවරු හිඟයක් මතුවෙලා තියෙනවා. මේකට කිසිමContinue Reading

පැමිණිල්ලක් කිරීමට  ගම්පහ  පොලීසියට ගිය තමාට පොලිසිය පහරදුන් බව  කියමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සමිත දිසානායක මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටීයි. පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම පිනිස තමා පොලිස්ථානයට ගිය බවත් පැමිණිල්ල ලියා ගැනීමට වැඩි වේලාවක් ගතවීම මත ඒ පිළිබඳව දෙවරක් විමසා පසුව තමන් පොලිස්ථානයේ ඉහළContinue Reading