දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණි. මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපතිContinue Reading

වත්තේගම රෝහලේදී වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නියමිත වේලාවෙන් බැහැරව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බැලීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවය. ඊයේ (21) රාත්‍රී 9ට පමණ පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ රෝගියා බැලීම සඳහා වත්තේගම රෝහලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේContinue Reading

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ. ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශContinue Reading

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.  ඇතැම් ස්ථානවලට මි.මී.Continue Reading

කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක සේවකයින් තිදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අමානුෂික මැර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ. තියුණු ආයුධ සහ මුගුරු අතැතිව පැමිණි මැර පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර එම මුද්‍රණාලයේ හිමිකරු සමඟ පැවති ඉඩම් ආරවුලක් ගැටුමට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරු ඊයේ රාත්‍රිContinue Reading

නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත. නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතුContinue Reading

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහජනතාව වෙත ලබාදිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අද පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, “පාස්කුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.  එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇත. මේ අතර, ඊයේContinue Reading

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119  අංකයට පණිවුඩයක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනනContinue Reading