හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.Continue Reading

යුක්තිය යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189ක් ඒ අතරට අයත්ය. එම මෙහෙයුම්වලදී පහත පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් මත්ද්‍රව්‍ය 128g අයිස් මත්ද්‍රව්‍ය 115 g ගංජා  08kg 626g ගංජාContinue Reading

අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට සහභාගීවීම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු නව සභාවාරයේ ආරම්භය සඳහා සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදී තිබුණද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.Continue Reading

වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී මෙම මළසිරුරක් ඊයේ (06) පස්වරුවේ හමුවී ඇති බවය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙයි. මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලටContinue Reading

ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතාContinue Reading

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.Continue Reading

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට මෙරට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිටි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 56,541ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතර සිටින මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,981ක් පුනරුත්ථාපනය සඳහාContinue Reading

එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වනContinue Reading

සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . ඝාතනය කර ඇත්තේ සූරියවැව ,බැද්දෙවැව බටහිර පදිංචි සුදු හකුරුගේ සුරංගිකා නදීශානි නමැති විවාහක කාන්තාවකි . අනියම් සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි . ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකිContinue Reading

මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩContinue Reading