හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබේ. එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.Continue Reading

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අභිනවයෙන් තේරී පත් වූ එලිසබෙත් ට්‍රස් (Elizabeth Truss) මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැඳී දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක්Continue Reading

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අකිරා, ඩුමා සහ ලියෝ නම් ලද බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත. එම පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් ව්‍යාඝ්‍ර මව බෙල්ලේ ඇතිවූ  දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය. ව්‍යාග්‍රContinue Reading

ග්ලයිෆොසෙට් වල්නාශක තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් එම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශකContinue Reading

ඉදිරියේදී වාමාංශික පක්ෂ සහ දක්ෂිණාංශික පක්ෂ අතර බලවේග දෙකක් රට තුළ නිර්මාණය වියහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මම නම් හිතන්නේ පෙළගැසීම එන්නේ ඉදිරියේ. එක පැත්තකින් දක්ෂිණාංශික බලවේග එකගොඩක එකතුවෙනවා. දක්ෂිණාංශික බලවේග අතර එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගන්නවා.Continue Reading

ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය කල්ඉකුත් වීමට නියමිත බව සභානායක, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – මේ වනවිට ෆයිසර්Continue Reading

චීනයේ සහභාගීත්වයක් නොමැතිව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කටයුත්තක් වනු ඇති බව ජපාන රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ජපානයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අභියෝගයක් බව ආර්ථික විශේෂඥයින් උපුටාContinue Reading

වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී නැඟුContinue Reading

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදි. MediHelp රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහContinue Reading

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී. රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාපැදි සඳහා අධික ඉල්ලුමක් ඇති වී ඇත.Continue Reading