රුපියල් ලක්ෂ 4ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ නිලධාරීන් දෙදෙනාව අද (23) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතුContinue Reading

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවය.Continue Reading

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්නContinue Reading

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරුවෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ. තවත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්තාවේදී ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ. එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස්Continue Reading

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන හා ඕටමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර් තාලයක් හා අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල විරෝධතා ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කළේය. එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරනContinue Reading

කැනඩාවේ පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) දින විරෝධතාවයක් පවත්වන ලදි. එහිදි ඔවුන් පැවසුවේContinue Reading

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි. මේ සඳහා හේතුවContinue Reading

ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් රට පුරා පිහිටි ආහාර හා ජල විශ්ලේෂණ රසායනාගාර රැසක කටයුතු අඩාල වී ඇතැයි පැවැසෙනවා. මේ හේතුවෙන් වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති පොල් තෙල්, එළඟිතෙල්, සෝයාමීට්, කෝමරිකා පාන, යෝගට් පාන, මස්, මාළු, බටර්, කිරි, පලතුරු බීම පාන ඇතුළු මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර හා ජලය ආදියෙහිContinue Reading

රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.Continue Reading

ශ්‍රී ලංකාවේ ණයහිමියන් නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ සතුටු වනContinue Reading