දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණි. බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලයContinue Reading

ඝාතන කල්ලි දෙකක සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා සූදානම් කර තිබූ ආයුධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ වළදමා තිබූ T56 ස්වංක්‍රීය ගිනිඅවියක්, ජීවඋණ්ඩ 30ක් සහ පතොරම් ගැබක් සමගිනි. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ එක් සැකකරුවෙක් ප්‍රධාන සැකකරුවෙකුට ආධාර අනුබල දුන් අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය. එමContinue Reading

හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයා ව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බව පොලීසිය පවසයි. එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති අතර, තල්පේContinue Reading

මිහින්තලා පුදබිමේ දී සැකකටයුතු ලෙස සිටි බවට වාර්තා වූ පුද්ගලයා පිළිබඳ පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී අදහස් දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, එලෙස පැවසුණු පුද්ගලයා යුද හමුදා නිලධාරියෙක් බවට හඳුනාගත් බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “යුද හමුදාContinue Reading

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන්Continue Reading

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාල ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. තම දරුවාගේ අපල වෙනුවෙන් භාරයක් ලෙස පාතාල නායක අංගොඩ ලොක්කා නමැති අයගේ බිරිඳ විසින් 2019 ජුලි 03 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්තරන් තැටියක්Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර හිමිවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස අවසර ලබාදී ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ඒ බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවContinue Reading

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ  පින්නවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Continue Reading

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නාContinue Reading

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ  පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත. පින්නවල නගරයට මීටර් 100ක් පමණ  ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය. ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක්Continue Reading