ලොතරැයි පතක මිල ලබන ජුනි මස පළවෙනිදා සිට  රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ලංකාදීපයට  පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය.Continue Reading

මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට ගත යුතු සියලු කටයුතු ගත යුතු බවය. එමෙන්ම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර තිබේ.Continue Reading

ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතිකContinue Reading

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේබව ප්‍රකාශ කළේය. “විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළContinue Reading

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූContinue Reading

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි, මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරු සිසුන් හය දෙනෙකුContinue Reading

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. ජංගම මුර සංචාරයේ නිරත පොලිස්Continue Reading

කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. ජීවිතක්ෂයට පත්වූ සිසුවාContinue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරතවිය. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය. එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද  සිදුකර තිබේ. මේ වනවිටContinue Reading

මහනුවර මහියංගන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රියේ මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පස්කන්දක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ එහි ගමන් ගත් මාස 06ක්Continue Reading