අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක්  ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයාContinue Reading

දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව  RDMNS.LK   දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් එම දෙපාර්තමේතුවේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර දුම්රිය මැදිරිContinue Reading

ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව – ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය අද දැනුම් දුන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය එම මාර්ගයේ කළ ක්ෂේත්‍ර නිරීක්ෂණය අනුව ප්‍රධාන මාර්ගයContinue Reading

ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම ඇළට පැන්න පොලිස් කොස්තාපල්වරයෙකු දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. අද (නොවැ. 23) දින මෙම සිදුවීම සිදුව ඇති අතර ඇළ ‘ජා ඇළ’ නමින්Continue Reading

හෙට (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට ය. හෙට පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජාතික ජලසම්පාදන හාContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි. මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණුContinue Reading

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක් ගෙට්ටුවකින් අගල් 2 ½  බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බව එම ඉංජිනේරුවරයා කියාContinue Reading

තමන් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයේ රැඳී නොසිටින බව ෂම්මි සිල්වා අද පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. “මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.” මේ අතර,Continue Reading

හෙට (23) සිට නැවත දැනුම්දෙනතුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම තීරණය ගෙන ඇති බවය. අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් මෙම තීරණය ගත්Continue Reading

සීනිවලට පනවා තිබූ පාලන මිල ඊයේ (21) රාත්‍රී ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. සුදු සීනි ලෝකවක මිල අද (22) රුපියල් 360 ත් 370 ත් අතර මිල පැවැති අතර රතු සීනි කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. පිටකොටුව තොග වෙළෙළඳපොලේ සුදු සීනිContinue Reading