සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය.   එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතරContinue Reading

පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවය.  ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි.Continue Reading

චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය. වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දීContinue Reading

නැති වූ  බැංකු කාඩ් පතකට පියා සහ සිය එකම සහෝදරයා සමග රණ්ඩුවී සහෝදරයා ගෙන් මෝල් ගස් පහරක් කෑ 23  හැවිරිදි තරුණයෙක්ගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයක බාල්කයයේ එල්ලෙමින් තිබියදී ඊයේ (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලීසිය කියයි. එලෙස මියගොස් ඇත්තේ කැස්බෑව හල්පිට කාශ්‍යප මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ලූෂන් බුද්ධික යසරත්න නමැති 23 තරුණයෙකි. වඩු කාර්මිකයෙකු ලෙස හා ත්‍රිරෝදContinue Reading

නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාContinue Reading

නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙමContinue Reading

දික්වැල්ල ‍දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය. ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. පක්ෂ නායකයාගේ උපදෙස්වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේවුවද දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය ලබාදීමේ කිසිදුContinue Reading

රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබේ. ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි.  පසුව ඔහුට තුවාල සිදුවී ඇත්තේ වෙඩිවැදීමකින් නොවන බවට අනාවරණයවීම හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි. මත්කුඩු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස්Continue Reading

කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ කේ.බී. චාන්දනී නම් මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර, ඇය නිවසේ සිට ඇත්තේ සිය 12 හැවිරිදි දියණිය සමගය. දියණිය පාසල් යාමට පිටත්ව ගිය පසු අද (12) උදෑසන 6.50ත් 7.05ත් අතරContinue Reading