මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනිකය ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කර තිබේ. මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෙට්Continue Reading

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය. මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400Continue Reading

වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධවීමට සහ එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) ඒ බව පැවසීය. ඔහුContinue Reading

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී , ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි පැවසීය. මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5) පැවැත්විණි.Continue Reading

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනී. එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳවීය. එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමිContinue Reading

අන්තර් ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකුවට බැර කර ගත් බව කියන පුද්ගලයකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. සැකකරු සතුව තිබූ ඡංගම දුරකතන හතරක්, කුඩා ජංගම දුරකතන තුනක් සිම් කාඩි 73ක් පොලිස් බාරයට ගෙන ඇත. ගම්පහ නගරයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු ගැන සැක සිතූ නගරContinue Reading

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බවය. “පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාර්තා වුණා.Continue Reading

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා, “සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුවContinue Reading

බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි. තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවට අනාවරණය වීContinue Reading

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරීවරයෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් බව පොලීසිය පවසයි. ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading