දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා, “මේ කියනContinue Reading

මුලතිව් ගෝඨාභය නාවික හමුදා කදවුරේ සේවය කළ නාවික සෙබලෙකු රාත්‍රි කාලයේ නිදි යහනේදීම මියගොස් සිටියදී අද (17) දින සොයාගෙන තිබේ. මුලතිව් නාවික හමුදා කදවුරේ විමර්ශන නිලධාරියෙක් ලෙස සේවය කළ මොහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ වන විට මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඔහුගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත බාර දී ඇත.Continue Reading

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. මීට සුළු මොහොතකට පෙර දිනේෂ් චන්දිමාල් සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. ඔහු සමග පන්දුවට පහරදෙමින් සිටින සදීර සමරවික්‍රම ද සිය මංගල ටෙස්ට් ශතයක රැස්කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනා ශතක ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකContinue Reading

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ. ෆෝබ්ස් ලැයිස්තුව අනුව මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරයි. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වනContinue Reading

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.Continue Reading

සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල –Continue Reading

තල්දෙන එළිමහන් සිරකඳවුරෙන් පළා ගිය රැඳවූවන් 09 දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නෝම්බි උපවාසයේ යෙදී සිටි මුස්ලිම් ජාතික තරුණයින් 09 දෙනෙකු අද (17) අලුයම සිරකඳවුරෙන් පළාගොස් තිබුණි. කෙසේවෙතත් ඔවුන් සොයා ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාරContinue Reading

විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ පුද්ගලයින් 6දෙනා ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 175ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 3.5ක් බව නාවික හමුදාව පැවසීය. පොලීසිය සහ බුද්ධිContinue Reading

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (16) සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු මැද, වයඹ පළාත්වලත් කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහාත් එම අවවාදාත්මක නිවේදනය හෙට (17) දිනය දක්වා බලපැවැත්වෙන බවය. ඒ අනුව එමContinue Reading

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරContinue Reading