පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි. ඒ අනුව එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ සොයාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එමෙන්ම වාර්තා වූContinue Reading

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.Continue Reading

යාපනය, ඩෙල්ෆ් දූපතේ සිදුවූ පස් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකුContinue Reading

ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවContinue Reading

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා තීරණය කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 2019 ඔක්තෝබර් මස 11 වන දින පළාත් සභා මැතිවරණ පනතContinue Reading

අද (23) අලුයම මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය. බරපතළ තුවාල ලැබීමෙන් මියගොස් ඇත්තේ, 34 හැවිරිදි සජිත් මධුසංක නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. තුවාල ලැබූ 53 හැවිරිදි මුරමුදලිගේ රත්නායක බන්දුල නැමති දෙනියාය ප්‍රදේශයේContinue Reading

ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැලඳී ඇති බවට එම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23%කි. එම සමීක්ෂණය කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳContinue Reading

බුද්ධි අංශ වලට ලද තොරතුරක් අනුව ගිනි අවි නිශ්පාදනය කරන පුද්ගලයෙකු ජීව උන්ඩ  සහ ගිනි අවි කොටස් සමඟ අත්අඩංගුවට ගත්බව ඉංගිරිය   පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය නම්බපාන ගම්මාන පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි. හොරණ  ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක කාර්මිකයෙකු ලෙස සේවය කරන පුද්ගලයකු සිය නිවෙස තුළ රහසිගත ලෙස ගිනිContinue Reading

අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ බස් රථ 35ක් සඳහා තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවය. එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවContinue Reading

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ පැමිණි 15 හැවිරිදි පිරිමි දරුවකු අද 22 සවස ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී  තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසුවේ පාපුවරුවේ ගමන් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙයක වැදී දුම්රියෙන්Continue Reading