ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් නැවතත් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට සූදානම් බව වාර්තා වෙයි. ඔහු 2016 සිට 2019 දක්වා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කාලයේදී පාකිස්තාන කණ්ඩායම චැම්පියන්ස් කුසලානය 2017 දී දිනාගත් අතර අංක එකේ T20 කණ්ඩායම බවටද පත්විය. 2019Continue Reading

ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තබුනි. එහිදි ඔහු පැවසුවේ ඇනවුම් කර තිබෙන ගල්අඟුරු රැගත් නෞකා 2ක් ජනවාරි මස 5 වැනිදා සහ ජනවාරි  9 වැනිදා දිවයිනට ලඟා වීමට නියමිත බවය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතාත් බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාත් පත් කරනු ලැබ තිබෙි. ජනවාරි 01 වැනිදා සිට මෙි පත් කිරීම ක්‍රියාත්මක වේ.Continue Reading

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි. ඒ ඇයට පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටය. අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.Continue Reading

රිය ධාවනය කිරීමේදී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක “රියදුරු කුසලතා ලකුණු ක්‍රමය” ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. ඒ අනුව රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළContinue Reading

තමාගේ 100වැනි ටෙස්ට් තරගය ට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ශතකයක් රැස්කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු නොදැවී ශතකය ක් ලබාගෙන සිටියි. තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනියා ඔහු වෙයි.Continue Reading

වෙඩි බෙහෙත්, ජීව පතොරම් ඇතුළු ආයුධ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ  04ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 14ක පමණ ප්‍රමාණයක් සහ කඩු ඇතුළුContinue Reading

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු ඉතාලිය,Continue Reading

රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් වශයෙනි. අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල්Continue Reading

දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරමින් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය. අබ්දුල්ලා යමීන් හට 2019 වසරේද ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වසර 5 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5Continue Reading