ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. එලෙස රැගෙන විත් ඇත්තේ, නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමටය. එම නඩුව පසුව කැඳවීමට නියමිත අතර එහිදී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තාContinue Reading

වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමිනි. දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල්Continue Reading

බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරී පත්ව තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර ඇත. රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්වContinue Reading

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පැවසුවේ ඊයේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවය. යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ලContinue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුවContinue Reading

දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ගව මාංශ සහ එළු මාංශ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේම සතුන්ගේ මියයෑම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා එම පියවර ගෙන ඇත. Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී. එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත. වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15Continue Reading

ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට  වාර්තා වන බව ජෝන් කර්බිContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ගැටී ඇති අතර රෝහල් ගත කර පසු දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි කිතලව ප්‍රදේශයේ පදිංචිවContinue Reading

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා පවසයි. එම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ද සහභාගී වී තිබේ.   මැල්පාස් පවසන්නේ චීන නියෝජිතයින් සමග ඔවුන් ආර්ථික වර්ධනය,Continue Reading