රුවන්වැල්ල පොලිස් වසමේ මැදගොඩ ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර ති‌බේ. ඊයේ (01) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. මැදගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් ඇති වූ බවට 118 පොලිස් හදිසි ඇමතුම් ඒකකය මඟින් රුවන්වැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. රුවන්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්Continue Reading

රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර ඇති බව සඳහන්ය. පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹContinue Reading

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. මීට පෙර රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය නොකළ අතර රාජ්‍ය ආයතනContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. දෙරණ 360 වැඩසටහනට ඊයේ (31) එක් වෙමින් අමාත්‍යවරයා මේContinue Reading

සීමාසහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ විශේෂ තීරණයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි. එම කාර්යභාරය සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජයContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්විය. මෙමContinue Reading

ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට මෙවර වැසි සමයේ දී වාර්තාගත වර්ෂාපතනයක් පතිත විය. ඇතැම් පෙදෙස්වලින් වාර්තා වුණේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ දී වාර්තා වන වර්ෂාපතනයේ සාමාන්‍ය අගය මෙන් සිව් ගුණයකටත්Continue Reading

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලට අනුයුක්තව රාජකාරි කළ ජේලර්වරයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ වු බවට සැකකෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් මත්කුඩු සමග අදාළ පුද්ගලයාව හික්කඩුව තිරාණගම දී අත්අඩංගුවට පත්ව තිබුණි. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිගෑම් 100Continue Reading

බණ්ඩාරවෙල, හම්පරාව ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  ඊයේ (31) රාත්‍රියේ කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කණ්ඩියක් නිවසක් මතට කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.  එලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ, පුතා සහ ඥාතී කාන්තාවක් නිවසේ සිට තිබේ.  එහිදී නිවසේ හිමිකරුContinue Reading