මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි. මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවContinue Reading

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක්Continue Reading

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ. ඊයේ (24) ඩකාහි පැවති රැස්වීමකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව පවසා තිබේ. බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත්කිරීමට ගත්Continue Reading

අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනොල්ඩ්, කඹයක් හෝ කිසිදු ආරක්ෂක උපකරණ නොමැතිව තායිවානයේ “Taipei 101” නම්  ගොඩනැගිල්ල තරණය කර තිබේ. එම ගොඩනැඟිල්ල නම් කර ඇත්තේ එහි ඇති මහල් ගණන අනුවය වන අතර මීටර් 508 (අඩි 1,667) ක් වන අතර එය උණ බම්බුවකට සමාන වන පරිදි නිර්මාණය කර ඇත. ඊයේ (24)Continue Reading

මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  මෙම මැතිවරණයේදී හමුදාවේ සහය ලත් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වනු ඇතැයි අපේක්ෂේ කෙරේ.  මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවත් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා මෙය පවත්වන බවත් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙයි. Continue Reading

වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් තොරතුරු වාර්තා වේ. මුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබුණි. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බැංකුවකට මුවෙකු ඇතුළු වී තිබුණේ පසුගිය බැංකු නිවාඩු දිනයකදීය. එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ජනේලයක් ඔස්සේ ඊට ඇතුළු වූContinue Reading

එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර, විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර තිබේ. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජයContinue Reading

අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ඇමරිකාවේත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් දැඩි බලපෑම් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති. 2025 වසරේ සිය ජනාධිපති ධුරය ආරම්භ වූ පළමු දිනයේදීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් මගින් WHO සංවිධානයෙන් ඉවත් වීමටContinue Reading

නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍ර දේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ. ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. පවතින තද වැසි සහ අධිකContinue Reading

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (21) තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශය වෙනුවට වෙනත් රටක් ආදේශ කරන බව බංග්ලාදේශ රජයට හා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවContinue Reading