ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය . දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී   අවධානයට යොමු විය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්රතිව්යුහගත කිරීමේContinue Reading

ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේContinue Reading

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බවට සැක කරන බවය. එක්සත් ජනපද ඩොනල්ඩ් රේගන් නෞකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා දකුණු කොරියානු නැගෙනහිර වෙරළට පැමිණ සිටියදී එමContinue Reading

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වනContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත‍්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේචීContinue Reading

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි.  ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය.  ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනයContinue Reading

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය. ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාවContinue Reading

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.  ඒ ඉම්රාන් ඛාන් තර්ජනය කළ බව කියන විනිසුරුවරිය හමුවී සමාව ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමගය.  රාජද්‍රෝහී චෝදනා මත පී.ටී.අයි පක්ෂ නායකයකු වන ෂබාස් ගිල්Continue Reading

අතිරේක හමුදාව කැඳවීමට රුසියාව ගත් තීරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් එරට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට ජනතාව ප්‍රධාන නගර රැසක මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම විරෝධතාවල නිරතව සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙනContinue Reading

දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. බෝල්ටික් මුහුදේ මීටර් 40ක් යටින් ඉදිකෙරෙන එම උමං මාර්ගය ඔස්සේ ජර්මනිය සහ ඩෙන්මාර්කය අතර ගමන් කිරීමට ගතවන කාලය විශාල වශයෙන් අඩුවෙයි. එහි ඉදිකිරීමේ කටයුතු 2020දී ආරම්භ කළ අතර 2029 දී ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නියමිතය. එම උමංContinue Reading