වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබේ. එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බවය. එමගින් පක්ෂයේ කීර්තිනාමයටContinue Reading

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත වි තිබේ. කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස්Continue Reading

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය. අනතුරට ලක්වීContinue Reading

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන්  පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණි. අමෙරිකාව සහ ජෝර්දානContinue Reading

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වූයේ ඊයේ දිනයේය. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍යContinue Reading

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. විදෙස් මාධ්‍ය පවසන පරිදි ඊයේ ඩකා අගනුවර අවන්හලක ගින්න ආරම්භ වී තිබේ. එය ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර, දුසිම් ගණනක් මිනිසුන් ඊට මැදිවූ බව පැවසෙයි.Continue Reading

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි හි රජීව් ගාන්ධි රජයේ රෝහලේදී ඔහු මියගිය බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුවContinue Reading

පාකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඝාතනයට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ Jaish al-Adl නමැති සන්නද්ධ කණ්ඩායමේ ඉස්මයිල් ෂබකාශ් නමැත්තෙක් එලෙස ඝාතනය කර ඇති බවය. ඉරාන හමුදාව විසින් පාකිස්තාන භූමියට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇතැයි පැවසෙයි. දෙපාර්ශ්වය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය සහ පාකිස්තානය අතර ඉකුත් මාසයේදීContinue Reading

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇති බව අප පසුගිය මාස කිහිපය තුළ වාර්තා කළේය. එම පිරිස මියන්මාරයේ ත්‍රස්ත කඳවුරක් තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණය වුණි. එවැනි පසුබිමක් තුළContinue Reading

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ නිෂ්පාදිත එම රථය ඉරිදා ලැබුණු බව උතුරු කොරියාව පැවසීය. එම මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන ලිමෝසීන් රථයක් බවත් එමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමටContinue Reading