2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.  මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි. එක්සත් රාජධානියේ ඉංග්‍රීසිContinue Reading

බැංකු කළමනාකාරිනියක් විසින් මංකොල්ලකරුවෙකු මෙල්ලකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව වෙමින් පවතී. අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි.  ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම Marudhara Gramin Bank හි සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි. එම අවස්ථාවේ කොල්ලකරු තියුණු ආයුධයක් අතැතිව බැංකු පරිශ්‍රයටContinue Reading

ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය. ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක්Continue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය . ඩොනල්ඩ් ලූ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුContinue Reading

ඉරානයේ අභ්‍යන්තර ගැටලු සඳහා අමෙරිකාව අනවශ්‍ය මැදිහත් වීමක් සිදුකරන බව එරට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසයි. රටේ පවතින විරෝධතා දැඩි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ උත්තේජනයන් සපයන බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඉරානය ඔවුන්ගේම පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙන් බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපතිContinue Reading

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට එරෙහිව ඇයගේ පක්ෂය තුළින් විරෝධයක් මතුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් නව මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් පවසන්නේ ඇයට අවශ්‍ය සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවය. අගමැතිවරිය සිය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීම පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්වී තිබුණි.Continue Reading

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ වී තිබේ. 2,300කට වැඩි නියෝජිත පිරිස හා විශේෂ ආරාධිතයෝ ඊට එක්ව සිටි අතර, චීන කොමියුනිස්ට් පක්ෂ‍ නොවන පුද්ගලයෝ ද ඊ‍ට සහභාගී වීමට නියමිතව ඇත. අද සිට 22 වැනිදාContinue Reading

රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. ගිනිඅවි පුහුණුවක නිරත වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම  වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ. යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ගරාඩ්Continue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ලබන සතියේ ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතය.  අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදීContinue Reading

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්ව රැසක් සමග සම්බන්ධවී කටයුතු කරමින් ඇති බව ආසියානු පැසිෆික් කලාපයේ IMF නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන් සතුව ඇති ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේදී වැදගත් වනු ඇතිContinue Reading