යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදීමට ජී 07 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර තිබේ. රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු එම එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඒ අනුව, යුක්‍රේනයට අවශ්‍ය හමුදා භටපිරිස් සහ මානුෂිය ආධාර අඛණ්ඩව ලබාදීමට එම රටවල් එකඟතාව පළකර ඇති බව සඳහන්ය.Continue Reading

මූඩීස් ආයෝජන සේවා ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තාන බැංකු 05ක් ඔවුන්ගේ දිගුකාලීන තැන්පතු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ B3 සිට Caa1 දක්වා පහත හෙළා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එය බොහෝ සෙයින් බලපා ඇත්තේ රජයේ දායකත්වයෙන් ප්‍රතිලාභ ලබන පාකිස්තාන බැංකුවලටය. එම සියලුම බැංකුවල තැන්පතු ශ්‍රේණිගත කිරීම් පිළිබඳ ඉදිරි දැක්ම ද සෘණාත්මකව පවතිනContinue Reading

මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සුකී ට එරෙහි සිරදඬුවම වසර 26ක් දක්වා දීර්ඝ කර තිබේ. දූෂණ චෝදනාවලට වැරදිකරුවීමෙන් ඇයට එරෙහිව තවත් වසර 03ක සිර දඬුවමක් නියෝග කිරීමට එරට අධිකරණය අද (12) තීරණය කර තිබුණි. ඇයට එරෙහිව දී ඇති විවිධ සිරදඬුවම් වසර 26ක් තෙක් දීර්ඝ වී ඇත්තේ එබැවිනි. 77 හැවිරිදිContinue Reading

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් නිර්මාණය කළ “කැස්ස” මගින් කොවිඩ් රෝගීන් හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක් ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ නිර්මාණයක් වන එම මෙවලම ෆයිසර් සමාගම මිලදී ගෙන ඇත්තේContinue Reading

ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි. මේ අතර ලොව දරිද්‍රතාවයෙන් බැටකන කලාප තවත් අර්බුදවලට මුහුණදීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඔවුන් අද (11) නිකුත්කළ අලුත්ම වාර්තාවේContinue Reading

මෙරට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනා අද (11) සිඩ්නි ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිඩ්නිහි දී එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔස්ට්‍රේලියාවේ අනුබද්ධිත සමාගමක් වූ එස්.එම්.ඊ.සී ජාත්‍යන්තර සමාගමContinue Reading

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානයේ මෙම පියවර ගෙන ඇතිContinue Reading

මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව 119% ක වර්ධනයකි. එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එමContinue Reading

දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මරණය ට පත්වී තිබේ. පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා විය. පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පැවසීය.Continue Reading

ඉන්දියාවේ අද(08) අළුයම සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඉන්දියාවේ “නාෂික්” නගරයේදී මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ. අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය බලධාරින් පවසයි.Continue Reading