පිටකොටුව ඕල්කට් මාවතේ පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇත. ඒ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදිය.Continue Reading

එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් වූ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබූ පලෙයි රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශීවරූබන් මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඊයේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. පලෙයි හිටපු අධිකරණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 18 වෙනිදාය.Continue Reading

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා. නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ. එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවදContinue Reading

චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකටContinue Reading

මෙම පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේ, ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි. එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදුContinue Reading

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් රජය මේ දක්වා ගෙන නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති  පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්විය යුතු අවස්ථාවක ඊට ලබාදෙන සහයෝගය සහ රජයේ මුල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වන බවය. මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා උතුරුContinue Reading

දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17% ක් එනම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 57ක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මැයි 01 වනදා සිට 20 දින දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,967 ක් බවයි ජාතික ඩෙංගු මර්දනContinue Reading

අවශ්‍යතාවය මත තමන් ජනාධිපතිවරණයට තරග වැදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නමුත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වන්නේ අන් කවරෙකු නොව සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශයContinue Reading

මෙරට ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙළ යළිත් වරක් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගෙන ඇති බැවින් ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් සිදුකරනContinue Reading

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරු 03 සිට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. මහ නාහිමියන්ගේContinue Reading