පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදාContinue Reading

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.  බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. Continue Reading

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙනContinue Reading

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ. අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.Continue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

මන්නාරම දූපතේ නීති විරෝධී ආකාරයට ඛනිජ කැණීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා  පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය, මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.Continue Reading

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරුContinue Reading

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේය.Continue Reading

සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද දුරකතන ඇමතුමකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකටContinue Reading

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී. රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතිContinue Reading