රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන්Continue Reading

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ දී මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. ‍මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක සේවය කළ බාග්‍යවන් සෙල්වනායගම් නම් 26 හැවිරිදි අයෙකි. ඔහු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මිතුරන් සමග අද (17) පස්වරුවේ කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දිය නෑමටContinue Reading

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවය. අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලනContinue Reading

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඌරන් මෙම හඳුනා නොගත්  වයිරස රෝගයට ගොදුරු ව තිබේ. ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැළඳී දින දෙකක් තුළ එම සතුන් මරණයට පත්වන බවය. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළ 20ක පමණ පැතිර ගොස් තිබේ. ගොවිපොළ හිමිකරුවන් චෝදනා පැවසුවේ මෙම රෝගයContinue Reading

රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හිටපු බන්ධනාගාර නිලධාරියෙකු රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර බන්ධනාගාරයේ, බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට 2019 වසරේ දී ඉන් ඉවත්වූ පුද්ගලයෙකි. ඉන්පසුව මෙම පුද්ගලයා සිය රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට ඇති බව අනාවරණය වී තිබේ. යුදContinue Reading

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණයContinue Reading

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙකි. මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත්Continue Reading

කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබේ. එම අවස්ථාවේ මෙම දරුවා දියේ ගිලීContinue Reading

අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දිනයේ මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිට පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී එම පොලිස් බලප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ඇත. සැකකරු ඒ සඳහා මසකට රුපියල් 100,000/= ක අල්ලස් මුදලක් ලබා දීමට කැමති බවත් වැඩබලන ස්ථානාධිපතිටContinue Reading

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ  කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ  ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කළේය. තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින්, පෞද්ගලික සමාගමක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.Continue Reading