කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා අද (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ තදබදය හේතුවෙන් දුම්රිය මගීන් පාපුවරුව මත ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය. දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා රෝහල්ගත කරContinue Reading

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායාමට සහාය වූ බව කියන පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පොලීසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබේ. කෙසේවෙතත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා දැනටමත් බෝට්ටුවක් මාර්ගයෙන් රටින් පළාගොස් ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී නඳුන් චින්තක නොහොත් හරක් කටා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස්Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන්  නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බව නීතීඥ සංගමය කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා හමුවී දැනුම් දුන්නේය. නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජියෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී හමුවී මෙම දැනුම් දීම කළහ.  දැනටContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෑතContinue Reading

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවය. ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයාContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවය. ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්වුණි. ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. ශ්‍රී ලංකා පිලටContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඉතා සූක්ෂම ලෙස ඉන් පළායාමට උත්සාහ කර තිබේ. මේ වනවිට අනාවරණය වී ඇත්තේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහායෙන් එලෙස පළායාමට උත්සාහ කර ඇති බවය. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය. මැඩගස්කරයේContinue Reading

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. සිය ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධContinue Reading

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වේ. එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.Continue Reading

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිContinue Reading