මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.Continue Reading

බිබිල වෑගල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිව සිටින තවත් පුද්ගලයෙකු සමග මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක්Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව සිය වාර්තා වැඩසටහන මඟින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. එමෙන්ම එම ප්‍රහාරයContinue Reading

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ. වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි. මේ අතර අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වැනිදා බස් රථයකින්Continue Reading

අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බව මහ බැංකුව සඳහන් කළේය.  එය 2022 වර්ෂයේContinue Reading

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට අවශ්‍ය ව සිටි සැකකරුවකු ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලContinue Reading

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම කරුණු අවධාරණය කර ඇත. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා මෙම චෝදනා එල්ල කර තිබිණි. මේ අතර සත්‍යය, යුක්තියContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුවයි. එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත්Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ. විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණි. කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියනContinue Reading