රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබාදුනි. 2019 වසරේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මෙම රිය අනතුරට මුහුණ දී තිබුණි.Continue Reading

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණිContinue Reading

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත. වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එමContinue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය  කොළඹ  පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා  පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මින් එක් කොස්තාපල්වරයකු ගේ දතක්Continue Reading

ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. එම උද්ඝෝෂණය සදහා ජාතිකContinue Reading

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී  අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මාලු ව්‍යාපාරිකයාගේ  තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි  තිදරු මවද පොලීසියContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටය. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියනContinue Reading

විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.Continue Reading

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින්  බේරාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන්ව බේරාගෙන තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත්වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කළ බවය.  යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටිContinue Reading