ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු  පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි. මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බවද පොලිසිය කියයි. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුContinue Reading

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.Continue Reading

මිය ගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය පියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බව නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි. නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් පුද්ගලයෙකු විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණි. එමContinue Reading

හෙට (29) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා බස් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ, හෙට සිට ජුනි 8වැනිදා දක්වා නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසය. “කිසිදු බාධාවකින් තොරව දරුවන්ට තමන්ගේ විභාග මධ්‍යස්ථානවලටContinue Reading

බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙය මිනිසුන්ට වැළඳීමේ ද ප්‍රවණතාවයක් නොමැති බවය. කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සිසිර පියසිරිContinue Reading

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 8දෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 69ක කාන්තාවකි. වයස අවුරුදු 4ක කුඩා දරුවෙකුගේ සහ වයස අවුරුදු 38ක් වන මෝටර් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනContinue Reading

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ. වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇතිContinue Reading

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ අමාත්‍යංශය එක්ව එම ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයාContinue Reading

බෞද්ධ ආගමට අපහාස වන පරිදි ” මෝඩාභිමානය ” නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය  සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.  කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අ අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.  ගල්කිස්සContinue Reading

බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි.  කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නතාෂා නමැති තරුණියකට පසුගියදා අවස්ථාව හිමිවුණි.  ඇය ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැස්වීමContinue Reading