වෙසක් පුන් පොහෝ  අළුයම මැදවච්චිය ප්‍රදේශයේ  විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත.Continue Reading

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම  2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි. බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නාContinue Reading

කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පලකරමින් සංඛේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වන බවය. එමෙන්ම ඒ මහතා පැවසුවේ පාරිභෝගික කටයුතුContinue Reading

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුවට එළැඹContinue Reading

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත. ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම කඩිනම්  ව්‍යාපෘති තුනයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකContinue Reading

වත්තේගම ඇල්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු මැදුරක් අසල දමා ගොස් තිබූ බිළි‌ඳෙකු සොයාගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව වත්තේගම පොලීසිය විසින් එම බිළිඳා සොයාගෙන ඇති බව සඳහන් ය. දින 4ක් පමණ වයසැති බිළිඳා මහනුවර රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. බිළිඳාගේ මව සහ පියා සොයා විමර්ශන ආරම්භContinue Reading

නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සදහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පහරදීමට අදාළව සත්ත්ව ගොවිපොළේ හිමිකරුද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවය. නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළකContinue Reading

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බවය.  ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණුContinue Reading

කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවය.Continue Reading

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී  දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොයContinue Reading