නාවලපිටිය රෝහල ඉදිරිපිට දී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. නාවලපිටියේ සිට කොත්මලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අතුරු මාර්ගයකට ඇතුළු කිරීමට යෑමේ දී අනතුර සිදුව ඇත. එම අවස්ථාවේ දී වෑන් රථයේ කණ්ණාඩියේ ගැටී අදාළ පුද්ගලයා බිම වැටී ඇති අතර පසුව වෑන් රථයේ රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින්Continue Reading

විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading

බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණාලයට හමුදාව සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. යුද හමුදා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසකගෙන් සමන්විත විශේෂ බලඇණියක් මෙලෙස මුද්‍රණාල පරිශ්‍රයට යොදවා ඇත.Continue Reading

විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. එහිදී අධිකරණය විසින් සැකකරුට වසර 15ක සිර දඬුවමක් ලබා දී ඇත. ඊට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවනContinue Reading

අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ දී සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.Continue Reading

දෙමටගොඩ ධර්මාරාම පාර, කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරුගේ නිවසේ තිබී කඩු 13ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකContinue Reading

විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.Continue Reading

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතවContinue Reading

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී අද (20) සිදුකෙරුණි. එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බව රේගුව සඳහන් කළේය. එම වාහන අමතර කොටස් පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන්Continue Reading

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව එම විභාගය සඳහා මාර්ගගත ක්‍රමයට (online) අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා තිබේ. උද්ගතව තිබූ කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි වුණි. ඒ හේතුවෙන් එමContinue Reading