ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසක තිබී පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන අතර තරුණයා 17 හැවිරිදි වියේ පසුවෙයි. පාසල් සිසුවිය ගලේවෙල අඹන්පොළ පදිංචිකාරියකි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව පොලීසිය පවසන අතර මීට පෙර අවස්ථාවකදී නිවසින්Continue Reading

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.  කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. Continue Reading

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා  සිය මාස 5ක් වයසැති  දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. සැකකාරිය සන්තකයේ සිටී දරුවා ද මේ සමග පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියContinue Reading

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය. ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.Continue Reading

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇත.Continue Reading

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේContinue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවය. මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ද ද්වීContinue Reading

දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබේ. අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.Continue Reading

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ. ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විටContinue Reading