රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.Continue Reading

ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියන්ට ලිංගික අතවර කළ බව කියන කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයේදී එසේ එම ක්‍රීඩා උපදේශකයාගෙන් අතවරයට ලක්වූ සිසුවියෝ 06 දෙනකු පොලිසිය පෙරේදා (01) හඳුනාගෙන ඇත. එම සිසුවියන් අවුරුදු 14ත් 16ත් අතරContinue Reading

බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. මේ අනුව බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකContinue Reading

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.  ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ.” “සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”Continue Reading

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය.  බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර්Continue Reading

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවය. “ඉස්සර තිබුණා කොට්ඨාස ක්‍රමයක්. ඒ ක්‍රමයට අපිContinue Reading

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි. සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා තිබේ. වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරීContinue Reading

ලෝකය පුරා පවතින තත්ත්වය අනුව සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රකාශ කර තිබේ. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිතයින් කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.Continue Reading

ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා හැකි ඉක්මණින් පියවරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සමග අද (03) පැවැති විශේෂ සාකච්ඡාවේදී ඔහු මේ බව අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් සහ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශContinue Reading