කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිතය. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට  මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹContinue Reading

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල්Continue Reading

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක් පසුගිය මස අපනයන පෙර වසරට වඩා සියයට 10.24 කින් ඉහළ ගොස් තිබේ. එම වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙම වර්ධනය සඳහා ඇඟලුම් සහ රෙදිපිළි අපනයන දායකත්වය ප්‍රමුඛවී තිබේ. ඒ වටිනාකම ඩොලර් මිලියන 565.37 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂවContinue Reading

සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ සඳහා ලබාදී තිබූ කාලය හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිත අතර එම කාලය ඔක්තෝබර් මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේය. දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීContinue Reading

එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් අමෙරිකා ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගයContinue Reading

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනුContinue Reading

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා  සූර් ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු  කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා කීය.  ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙි.Continue Reading

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.Continue Reading

12 දක්වා රිමාන්ඩ් වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ 2014 වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවකු වන‘ආමි සුරංග‘ නමැත්තා සහ ඔහුගේ ගෝලයකු ගිනිඅවියක් සමඟ මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වල්පොළදී පෙරේදා (27) රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. යම් අපරාධයක් කිරීමේ සූදානමින්Continue Reading

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි. එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔප්ටස් සමාගම නිවේදනය කළේ සයිබර් ප්‍රහාරයක් මගින් එහි පාරිභෝගිකයන් මිලියන 10ක පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවය.   එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම ලෙස සැලකෙයි. මේ වනවිට ඒContinue Reading