තමාගේ එකම දේපළ පවා ගිනි තබපු අවස්ථාවේදී ජනාධිපතිවරයා බුදු දහමට අනුව කටයුතු කළ බව ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් පවසයි. ඊයේ පැවැති උත්සවයකදී පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් ඒ බව පැවසීය. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ කිරිගරුඬ චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුකෙරුණි. මෙම කිරිගරුඬ වෛත්‍යයContinue Reading

කොට්ටාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණ කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි. බීමතින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය යතුරු පැදියෙන් පිටව යාමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුලම ඇද වැටී ඇත. පාසලේ පසුගිය 20 වැනිදා සිංහබාහු නාට්‍ය දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කර ඇති අතර ඉන්Continue Reading

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සතු තිබූ ගජමුතු 08ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදිය. ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයක පසුපස රෝද දෙකම ගැලවී ගොස් අනතුරක් සිදුව ඇත. දොඩන්ගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත. එම බස් රථය විශාල මගින් ප්‍රමාණයක් සහිතව ගමන් කර ඇත්තේ කතරගම සිට කොට්ටාව දක්වා ය. බස් රථයේ රෝද දෙක ගැලවුණු පසු ද කිලෝමීටරContinue Reading

බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුව ඇය සිය සැමියා ද සමග සාදයට යෑම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. එම ප්‍රහාරය එල්ලවී තිබුණේ ඊයේ (23) රාත්‍රියේදීය.Continue Reading

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් විය. පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල්Continue Reading

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 23 සහ 40 යන වයසේ පසු වූ අය බවයි. මන්ත්‍රීනියගේ පුත්‍රයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෙකු බව ද පවසන පොලිසිය අනෙක් සැකකරුවන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන් කරයි.Continue Reading

වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලුතින් සීමා සලකුණු කොට අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කිරීම සඳහා එම පළාතේ ගොවීන් වෙත නිදහස් කිරීමට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ කිලිනොච්චි,Continue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස පස් වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකුContinue Reading

දිගු කාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරි ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. කඩිනම් ගල් අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග (19) ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩි දුරටත්Continue Reading