රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම ආධාර තොගය ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබේ.  ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.Continue Reading

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරිවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ අවස්ථාවේදීය.  අදාළ සැකකරු නොච්චියාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්තව, අංක 333, කුසුම්පුර වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කර තිබේ. බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් පට්ටලයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාමContinue Reading

ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත පිළිතුරු ලිපියක්Continue Reading

අගනුවර ආසන්න ප්‍රධාන පෙළේ විහාරස්ථානයක වායු සමීකරණ යන්ත්‍ර 10-15 අතර ප‍්‍රමාණයක් සවිකර ඇති බව වාර්තා වෙයි. මේ බව හෙළි වී ඇත්තේ මෑතකදී රජය විසින් ආගමික මධ්‍යස්ථාන සඳහා විදුලි බිල නැංවීමත් සමග එම පන්සලට සුර්ය බල පද්ධතියක් සවි කිරීම සඳහා ආයතනයක් ගිය අවස්ථාවේදීය. ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරියා දැනුම් දී ඇත්තේContinue Reading

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගතContinue Reading

මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඊයේ (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බවContinue Reading

මැලේසියානු රැකියා දසදහසේ කෝටාවෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශය හරහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි. අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මැතකදී මැලේසියාවේ සම්මත වු නව කම්කරු නීති අනුව අවම වැටුප සහ සියලු දීමනා ලංකාවෙන් යන සේවකයිටත් අයත් බව මැලේසියානු රජය තහවුරුContinue Reading

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ තුවාලකරුව ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකිContinue Reading

අනෙකුත් මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් සහායවීමට සිය රට කැමැත්තෙන් සිටින බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයකි මහතා පවසයි. ඔහු ඒ බව පවසා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. Continue Reading