ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ. මේ සඳහා දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවContinue Reading

අද පෙරවරුවේ හම්බන්තොට වරායට ලඟා වූ චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම ස්ථානයට ගොස් ඇත. ඉන්දියාවේ විරෝධතාවය මැද දින කිහිපයක් මෙම නැවේ ගමන ප‍්‍රමාද කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය. නමුත් අද හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහාContinue Reading

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) අගෝස්තු මස මැද මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද සංශෝධනයක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.Continue Reading

ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි. එම සංවිධානයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එමානුවෙල් පියතුමන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ව්‍යාජ බිය සහ සැකය යන චෝදනාවට පදනම් වූ පනවා තිබූ තහනමContinue Reading

බිස්කට් මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා බව ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. බිස්කට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තිරිඟු පිටි විශේෂය මේ වන විට සියයට තුන්සියයකට ආසන්න ප්‍රමාණයකින් මිල වැඩි වී ඇති නිසා මෙරට තුළ ද මිල ඉහළ දැමීමට සිදුContinue Reading

ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන්  අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. පානදුර ප්‍රදේශයේ මහපරිමාන මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැඟව සිටිින සලිදු නැමැත්තා මෙම කටයුත්තටContinue Reading

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුContinue Reading

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතුවලදී රාජ්‍ය ආයතනවල නිලධාරීන් සෘජුව අධිකරණ ක්ෂේත්‍රය සමග ලිපි ගනුදෙනු නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන්Continue Reading

අද (16) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන ආකාරයට එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන්නේ පහත දැක්වෙන ලෙසය .Continue Reading

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන ලෙස ද්‍රවිඩ පක්‍ෂ 5 ක ප්‍රධානීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ සී. විග්නේශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රිකාන්ත් සහ සුරේෂ් ප්‍රේමචන්‍ද්‍රන් විසිනි. ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අර්බුදය විසඳීමට මෙම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම අවශ්‍යContinue Reading