නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිContinue Reading

කිසිදු ලෙසකින්වත් ලේක්හවුස් ආයතනය විකුණා නොදමන බව විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සහතික වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එවැනි කැබිනට් පත්‍රිකාවක් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් සිහිනෙන් හෝ සිතා නැති බව ද ඇමැතිවරයා කීවේය. ලේක්හවුස් ආයතනය විකුණා දැමීමේ සූදානමක් ඇතිContinue Reading

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට මෙවර සිසුන් අටදහසකට ආසන්න කණ්ඩායක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළාය. අ.පො.ස. උසස් පෙළ 2019 සහ 2020 විභාග ප්‍රතිඵල මත ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් කණඩායම් දෙකක් බඳවා ගැනීමට අධ්‍යාපනContinue Reading

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු  සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා  ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්   තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය. සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (1)  අත්අඩංගුවට ගනු ලැබීය. එම  කොට්ඨාශයෙන් කෙරුණු දැනුම්දීමක් අනුව  රතිදු සේනාරත්නContinue Reading

තමන් ත්‍රිවිධ  හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත  පීරිස් පියතුමා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති. පෙත්සමේ මෙසේContinue Reading

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය. ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිටContinue Reading

තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගංවතුරට හසුවීමෙන් තිදෙනකු සහ නායයෑමකින් එක් අයකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව දContinue Reading

බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ   දේවස්ථානයේ  බොම්බය තැබීමට සම්බන්ධ  පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට පසුගිය රජයේ කිසිදු ප්‍රබලයකු සම්බන්ධ නැති බවත්  පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. එම  බෝම්බ  සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය  ඉෂ්ට  නොවූ බව‍ටත්  ඊට  පසුගිය රජයේ ප්‍රබලයන් සම්බන්ධ බවටත් මාධ්‍ය වාර්තා පළවන ආකාරයක් නිරීක්ෂණය වූයේ යැයිද  එම කොට්ඨාසය සඳහන් කරයි.Continue Reading

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප  සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී අද (2) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිහාල් තල්දූව මහතා පැවැසීය. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මියයන තෙක්ම  කටයුතු කළ රුක්ෂාන්Continue Reading

රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනෙකු හා ඇගලුම් සේවිකාවන් 7 දෙනෙකු අද (2) වැනිදා පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි. මෙලෙස කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේContinue Reading