ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.මෙරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියා.ජුනි මස 10 වැනි දිනදියි ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙකු වශයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ.ඔහු ධුරයෙන් ඉල්ලා අස්වෙන විට අදට (10) හරියටම ඔහුගේ පාර්ලිමේන්තු ධුරයට ගත වන්නේ එක් මසක් පමණි.හිටපු මන්ත්‍රී බැසිල්Continue Reading

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනිගත් පෞද්ගලක නිවසට සිදුවූ හානිය විමසා බැලීම සඳහා පැමිණි ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමිට එල්ල වූ  විරෝධයක් හේතුවෙන් නැවත හැරී ගියේය. ගින්නෙන් නිවසට බරපතළ හානි සිදුව තිබූ අතර අග්‍රාමාත්‍යවරයා පරිහරණය කළ ග්‍රන්ථ රැසකින් සමන්විත පුස්තකාලයකට ද විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර තිබුණි. මේContinue Reading

ආණ්ඩුවට එරෙහි ඊයේ (09) සිදු වු විරෝධතා අතරතුර ඇතිවූ සිදුවීම්වලින් පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 05Continue Reading

මෙරට දේශපාලන වංශ කතාවට අලුත් පිටුවක් එක් කළ ඊයේ (09) දිනයේ අරගලය සඳහා කොළඹ කොටුවට පැමිණි ජනතාව රැය පහන් කරමින් තවදුරටත් කොටුව ජනාධිපති මන්දිරය අවට සහ ජනාධිපති කාර්යාලයේ රැඳී සිටිනවා.ඊයේ රටේ නන්දෙසින් පැමිණි විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට මෙන්ම පසුව ජනාධිපති කාර්යාලයට ද ඇතුළු වුණේ පැවති මාර්ග බාධක බිඳ දමමින්Continue Reading

ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම, හජ් උත්සවය අදට (10) යෙදී තිබෙනවා. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි. ඊබ්‍රාහිම් නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කමContinue Reading

ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාව අද (10) පස්වරු 03 ට පමණ දිවයිනට ළඟා වීමට නියමිතයි.අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය දිවයිනට පැමිණීම මෙලෙස ප්‍රමාද වී තිබෙනවා.ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ හෙට සහ 16 යන දින වලදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් දිවයිනට පැමිණීමටContinue Reading

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබෙනවා.ඒ අනුව අද (10) දිනයේ සිට එය යළි ක්‍රියාත්මක වනු ඇති.අයි.ඕ.සී සමාගම පැවසුවේ මේ සමග ත්‍රිකුණාමලය ඉන්ධන පර්‍යන්තය 24 පැය පුරාවටම ක්‍රියාත්මක බවයි.Continue Reading

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. දිවයිනContinue Reading

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. කොළඹ – 07 අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පොලිස් විශේෂContinue Reading

පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්‍ෂක අංශ නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කණගාටුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වේ.  ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා, අරක්‍ෂක අංශවලින් මෙන්ම අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියි.  Continue Reading