මාරක අනතුරු කිහිපයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පන්නල පොලිස් වසමේ පන්නල – දංකොටුව මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේ දී මාකඳුර සිට පන්නල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී ඇත.

අනතුරින් ලොරි රථයේ රියදුරු සහ ඉදිරි වම්පස යාබඳ අසුනේ ගමන් කළ බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, ඇහැළියගොඩ පොලිස් වසමේ කොළඹ – රත්නපුර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගයේ දකුණට හැරවීමේ දී දකුණු පස මංතීරුවට විසිවී ගොස් රත්නපුර සිට කොළඹට ධාවනය වූ ලොරියකට යටවීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

කිරිඳිවැල – නිට්ටඹුව මාර්ගයේ දියගොඩැල්ල ප්‍රදේශයේ නිට්ටඹුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රීරෝද රථයේ සිටි ගස් ගෙම්බෙක් එහි රියදුරුගේ ඇඟට පැනීම හේතුවෙන් සතා ඉවත් කිරීමට යාමේ දී ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් ඇත.

එහිදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published.