ශ්‍රී  ලංකාවේ ජීවත් වන දුප්පත් මිනිසුන්ගේ හැඩීම් නොසලකා නොහරින ලෙස තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.  ආර්ථික හා දේශපාලනික අස්ථාවරභාවයෙන් පීඩා විඳින සියලුම ශ්‍රී  ලාංකික ජනතාව සමඟ තමා සිටින බවත් ඒ ශෝකය හා වේදනාව ඔවුන් සමඟ බෙදා ගන්නා බවත්Continue Reading

මොනරාගල පොලිස් වසමේ කුඹුක්කන කරුවලගස්යාය රක්ෂිතයේ පෙරේදා (10) සවස හටගත් ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ගොස් ඇතැයි පොලීසිය පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන බල සේනාවේ කුඹුක්කන කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් රක්ෂිතයේ අක්කර පනහක් පමණ විනාශContinue Reading

හපුතලේදී අද උදෑසන ඩීසල් බවුසරයක් අනතුරකට ලක් විය.මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් තොගයක් රැගෙන යමින් තිබූ බවුසරයක් වන අතර හපුතලේ මුස්ලිම් පාසල අසල වංගුව ගැනීමට යාමේදී රියැදුර ට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළී ගොස් තිබු අතර එහි රැස් වුණු ජනතාවContinue Reading

විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව හත් වැනි වරටත් තමන් සතු කර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ 2022 විම්බල්ඩන් ටෙනිස් ශූරතා අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියාවේ නික් කර්ගියෝස් තරග වට 3-1කින් පරාජයට පත් කරමිනි.  තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කැමරන් නූරි පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොවැක් ජොකොවිච්Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් හෙට 13 වැනිදා දින ඉල්ලා අස් වුවහොත් 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ (11 වැනිදා) රැස්වූ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත. ඉන් අනතුරුව ලබන 18 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ නාමයෝජනා ඉදිරිපත් කරන අතර විසි වෙනිදා පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළContinue Reading

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්… ජයසූරිය ටෙස්ට් පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි… චන්දිමාල්ගෙන් නොදැවුණු  ද්විත්ව ශතකයක්… ලෝකයේ අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ගාල්ල තණතීරුවේදී දඟ පන්දුවෙන් අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 39කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ඊයේ (11 වැනිදා)Continue Reading

ජාත්‍යන්තර වෙළෙඳ සමාගම්වල ආයතනික රහස් සොරකම් කිරීමට චීනය උත්සාහ දරමින් සිටින බව අමෙරිකාවේ එෆ්බීඅයි බුද්ධි අංශය සහ බ්‍රිතාන්‍ය එම්-15 බුද්ධි අංශය ව්‍යාපාර ප්‍රධානීන්ට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එබැවින් සිය ආයතනික රහස් රැක ගැනීමට අවධානයෙන් පසු වන ලෙස එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ සහ එම් -15 බුද්ධි අංශයේ අධ්‍යක්ෂContinue Reading

එකම ජෙට් යානයක නියමුවන් ලෙස එක්ව පියාසර කරමින් ඉන්දියාවේ පියකු සහ දියණියක එරට ගුවන් හමුදාවේ ඉතිහාසයට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වාර්තාව තබනු ලැබුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන් වන එයාර් කොමදෝරු සංජේ ෂර්මා සහ පියාසර නිලධාරිනි අනන්‍යා ෂර්මා විසිනි. ඉන්දීය ගුවන් හමුදාවේ සේවය කරන මේ දෙදෙනාContinue Reading

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට මීළඟ මහමැතිවරණයේදී 3/2ක බලයක් සහිතව නැවත රාජ්‍ය බලය අත් කර ගනු ඇතැයි සීඅයිඒ සංවිධානය අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ට වාර්තාවක් මගින් කරුණු පෙන්වා ඇතැයි ප්‍රකට දේශපාලන හා ආරක්ෂක විශ්ලේෂකයකු වන ඩේවිඩ් ජැක්මන් ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින්Continue Reading

ඉන්ධන සහ ආහාර මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑමෙන් උද්ධමනයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ දසදහස් ගණන ජනතාව එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනාධිපති මන්දිරය වට කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට බුවනෝස් අයර්ස් අගනුවර වීදි පුරා මේ වනවිට ජනතාව රැස්ව සිටින බවත්, ආහාර මිල හා ඉන්ධනContinue Reading