ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය.Continue Reading

බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුරContinue Reading

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුවContinue Reading

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය. සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදුContinue Reading

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝ පටයක් සිය මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කැළුම් හර්ෂණ ජයසුමන නමැත්තා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය. සැකකරු එලෙස ඔහුගේ මුහුණුපොත හරහා සමාජගත කර ඇත්තේ ඔහුContinue Reading

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය. සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදුContinue Reading

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.Continue Reading

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත්කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භකළ විරෝධතාවය අතරතුර දී නොසන්සුන්කාරීContinue Reading

බුලත්කොහුපිටිය, ඉහල නෙව්ස්මියර්ල අංක 3 කොටසේ පුද්ගලයෙකුගේ බෙල්ල ප්‍රදේශයට රිලවෙකු විසින් අත හරින ලද කුරුම්බා කොම්බයක් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බව ප්‍රදේශවාසී ජනතාව පවසති. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක් පමන වන ඒ .ජී ජයසේන නැමති එක් දරු පියෙකි. අදාල පුද්ගලයා පසුගිය මස 27 වන දින නිවසContinue Reading

 ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද යළි විභාගයට ගැනුණි. ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.  2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනයContinue Reading