එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබේ. මෙහිදී අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවය. මහජනයා නොසන්සුන් කිරීමContinue Reading

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි. ඔවුන් දෙදෙනාව අද (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.Continue Reading

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීමContinue Reading

අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රීContinue Reading

ගිනියාවේ පාපන්දු තරගයකදී රසිකයින් අතර ඇතිවූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබේ. ගිනියාවේ දෙවන විශාලතම නගරය වන එන්සෙරෙකොර්හි පැවති පාපන්දු තරගයකදී මෙම ගැටුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්ය. පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙනContinue Reading

ඊයේ (01) සිදුවූ යතුරු පැදි අනතුරු වලින් පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් තිබේ.  මෙම අනතුරු සිදුව ඇත්තේ සීදූව, පමුණුගම, ඇඹිලිපිටිය සහ කඩවත යන ප්‍රදේශවල බව පොලීසිය පවසයි. ඊයේ පස්වරුවේ කොළඹ – මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේදී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන්Continue Reading

හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි. මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යථාතත්ත්වයට පත් කර තිබේ.Continue Reading

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානයක් වෙන්කර තිබේ. එම ගුවන් යානය එම කණ්ඩායමේ වර්ණ වලින් හැඩ ගන්වා ඇත. මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etihad එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි.Continue Reading

අවි පෙන්වා බියගන්වා පුද්ගල කණ්ඩායමක් විසින් පසුගියදා කොල්ලකන ලද රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට ලග්ගල පොලීසියට අද (01) හැකිවිය. මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත. ඒ අනුවContinue Reading