විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර පෙනීමේ දෝෂය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකටContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙක් මාතර ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ කාර්යාංශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේය.  එහිදි සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍යContinue Reading

නිවසකට ඇතුළුවූ කල්ලියක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් කොල්ලකා පළාගොස් තිබේ. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී මුදල් කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙම කොල්ලකරුවන් අද (20) උදෑසන එම නිවසේ නාන කාමරයේ කවුළුවේ විදුරුව බිඳ නිවසට ඇතුළුවීContinue Reading

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතය. ඒContinue Reading

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවය. රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එමContinue Reading

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ. ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙනContinue Reading

මැදමහනුවර, වතුලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අද (20) අලුයම මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතරට සිරවී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙනContinue Reading

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ. නොවැම්බර් 21 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබීය. පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබුණි.Continue Reading

මුදල්, ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.  භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරටContinue Reading

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදීContinue Reading