හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.Continue Reading

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක්Continue Reading

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේContinue Reading

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසිContinue Reading

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.Continue Reading

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි බණ්ඩල් 264 (දුම්වැටි 52800) තබාගෙන සිටි මීගමුව හා කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ. නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතුයContinue Reading

ශ්‍රී ලංකා පොලීසියේ බඳවා ගැනීම් ක්‍රමවේදය විදිමත් කර පොලීසියට අවශ්‍ය පිරිස් බලය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (19) වැඩ භාරගැනීමෙන් අනතුරුව ඒ මහතා ඒ බව පැවසීය. විශේෂයෙන්ම පොලිස් සේවයේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම මහජනතාව පොලීසියකට ගියවිටContinue Reading

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවය. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ය.Continue Reading

මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය. මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන්Continue Reading