දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ බවට සැක කෙරෙන දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. අදාළ දේව ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්Continue Reading

ඉකුත් පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර ඉන් මරණ 10ක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවය. බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබේ. එබැවින් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනContinue Reading

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවය. මේ අතර දුම්රියෙන්Continue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු  4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිතContinue Reading

අද (14) උදෑසන 7න් අවසන් වූ ගතවූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ඊයේ (13) දිනය තුළ ගිණිකෙළිContinue Reading

මොරගහහේන ප්‍රදේශයේදී අප්‍රේල් 07 වනදා සිදුකළ ද්විත්ව ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබේ. එම ගරාජය පවත්වාගෙන යමින් මෝටර් රථය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය සඳහන් කළේය. ඔහු සපුගස්කන්ද හෙයියන්තුඩුව කොට්ටුන්න පාරේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු වාහන විකිණීම, හුවමාරු කිරීමContinue Reading

පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.Continue Reading

දිඹුලපතන කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ නිවසේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි.Continue Reading

අලුත් අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සං‍දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව  වාර්තාවෙයි. රෝහණ බැද්දගේContinue Reading

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකවContinue Reading