ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ. එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය. මංගල කටයුතු අද සිදුවුවත් මොවුන් තිදෙනාම මධුසමයට නොයා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට අද දවසේ එක්විය යුතු බව ද වාර්තා වේ. මේ අතර, සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමContinue Reading

ලබන වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය. ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එමContinue Reading

අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව  ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ අද (28) පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම්  අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරුContinue Reading

ජංගම දුරකථන හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ දුරකථන හා ඩේටා ගාස්තු ඉහළ යෑම ජනතාවට විශාල බලපෑමක් එල්ල කර ඇති බවය. “අද බොහෝදෙනෙක්Continue Reading

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ. අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවු වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් විදුලි රැහැන් සහිත කණු මතට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තය පුරා නිවාසContinue Reading

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නොමැත. ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකටContinue Reading

හෙට(28) සහ අනිද්දා (29) වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී ඇත. ඒ අනුව  A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරේ. මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 02ක විදුලි කප්පාදුවකි.Continue Reading

වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ. වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (27) අලුයම එම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ,Continue Reading

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සියයට 20ත් 30ත් අතර පිරිසකට බෝ නොවන රෝග වැලඳී ඇති බවය. කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති පොලිස් නිලධාරීන්ගේ අක්ෂි රෝග පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහContinue Reading

පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී සොයා ගෙන තිබේ. අද (27) පෙරවරුවේ අදාළ සිරුර සොයාගත් බව මහවෙල පොලීසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම්  55 හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලීසිය කියයි.Continue Reading