වි‍‍ශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබේ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 12 වනදාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇති බවය. මෙලෙස නිදහස හිමිව ඇති රැඳවියන් අතර පිරිමි රැඳවියන් 926ක් සහContinue Reading

පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළතීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත. එම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.Continue Reading

පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීය. එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ. කෙසේවෙතත් වසරContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ඒ මහතාට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත.Continue Reading

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) ආරම්භ විය. සමාලෝචනය සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණ ඇත. ඒ අනුව අද පෙරවරුවේ ආරම්භ වු සැසිය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගි වී සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයContinue Reading

ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. පසුගිය 12 වනදා දහවල් කාලයේ දී කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබුණි. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදීContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවය. මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක දක්වා පැමිණ ඇති බවටය. එම ගමන්Continue Reading

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද සවස දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ එංජිම සහිත කොටස මෙසේ පීළි පැනීමකට ලක් ඇති බව දුම්රිය පාලක මැදිරියContinue Reading

මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අද (13) ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි. පසුගිය අගෝස්තු මසContinue Reading

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය. ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නවContinue Reading