වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ. නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත. මේ අතර, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ආරක්ෂක අමාත්‍යContinue Reading

මතුගම පැලවත්ත නගර මධ්‍යයේදී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකුව කපාකොටා ඝාතනය කර ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිටිගල කංකානම්ගේ සමන් නමැති  35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මීගහතැන්න පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙයි.Continue Reading

පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවය. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහාContinue Reading

ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වී තිබේ. ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් ප්‍රකාශ කර ඇත. යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විටContinue Reading

රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලිමක් සිදුකර තිබේ. අදාළ නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනුContinue Reading

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බවය.  එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනාContinue Reading

සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. ඒ, ජාත්‍යන්තර සමුළුවක් සඳහා සහභාගීවීමට එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සම්බන්ධයෙනි. එලෙස සේවයට වාර්තාකර නැත්තේ පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වන සමුළුව සඳහා සහභාගී වීමට එංගලන්තයContinue Reading

ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරුව ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ රියදුරෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ. පැමිණිලිකරුව පානදුර ඩිපෝවෙන් පිටත මාර්ගයේ රියදුරු රාජකාරි යෙදවීම සඳහා රුපියල්Continue Reading

ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛනය පහතින් දැක්වෙයිContinue Reading

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේContinue Reading