ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය. ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල්Continue Reading

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද පැවති එම සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.Continue Reading

අයර්ලන්ත කණ්ඩායම එරෙහිව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 81ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමඟ ලකුණු 41ක් සහ නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 6ක් සමඟ ලකුණු 39ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමContinue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දෙයි. ඒ ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතවය. එම වාර්තාවේ පිටපතක් අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.Continue Reading

උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව පිළිබඳව බලශක්ති අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඉහළ දැමූ ඉන්ධන කෝටාව පවත්වාගෙන යාමටයි බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේContinue Reading

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති භාවිතයට නොගන්නා බොහෝ පැරණි යන්ත්‍ර සුත්‍ර සහ යකඩ විකිණීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර පැවති ක්‍රමවේදය හරහා සිදුවී ඇත්තේ දේශීය සමාගම්Continue Reading

උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල වෙළඳසැල් සියල්ල වසා දමා ඇති අතර පාසල් සඳහාද සිසුන් නොපැමිණ ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දෙමළContinue Reading

අද (25) අලුයම ඉන්දියානු සාගරයේ දකුණු සුමාත්‍රා ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අද (25) අලුයම 1.30ට පමණ රිච්ටර් මාපකාංක 6.7ක ප්‍රබල භූ කම්පාවක් ඉන්දියානු සාගරයේ සිදුව ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.Continue Reading

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිවු දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීContinue Reading

උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශවවල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බවය. අද (24) කොළඹContinue Reading