වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුණි. මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශContinue Reading

උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව  දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය. තමා ඉල්ලන්නේ ෆෙඩරල්  බව පැවසූ මන්ත්‍රීවරයා  බලය බෙදීමට ඉන්දියාව එකඟ නැති  බවද  සඳහන් කළේය. භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සුදු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්    කළේය. හින්දුContinue Reading

මුල්ලේරියාව පොකුණු ගොඩ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ තිබු සොරාගන්නා ලද ගණදෙවි ප්‍රතිමාව සහ කතරගම දෙවි  ප්‍රතිමාව  සොරාගන්නා ලද සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඉකුත් 9 දින අළුයම මෙම භාවනා මධ්‍යස්ථානයට ඇතුළු රුපියල්  ලක්ෂ 5ට යන්න වටිනාකමකින් යුතු ප්‍රතිමා දෙක සහ පිං කැටය තිබූ රුපියල්20.000 මුදලක්Continue Reading

ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක්  අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ. එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ  වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි  දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේContinue Reading

යාපනයේදී සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “75 වන නිදහස් සැමරුම යාපනයෙත් සමරන්න අපි තීරණය කළා. ඒ වැඩසටහන මේ සංස්කෘතිය මධ්‍යස්ථානයෙන්Continue Reading

ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න කරයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳවැටීමට හේතුවී ඇති බවය. “අදContinue Reading

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන යාමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් රටින් පිටවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ පොලීසිය හෝ ගුවන් හමුදාව දැනුවත් කළයුතු වූවද එසේ නොකර එම නිලධාරීන් එම උණ්ඩ අදාළ ව්‍යාපාරිකයාගේ රියදුරුට භාරදී ඇතිContinue Reading

කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ. මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේදී ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක්වී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණියයි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථContinue Reading

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන්  පොලිස් අශ්වයන්ට  රට කෑම  ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ  වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි. අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට  කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇත. මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබීContinue Reading

කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති අතර ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. තල්මස් පැටවුන් 11 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බව ද එම කාර්යාලය පවසයි. මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස්Continue Reading